Northern Territory ප්‍රාන්තයටත් අමතර Skilled වීසා කෝටාවක්

2022-23 වසරට අදාළව Northern Territory ප්‍රාන්තයේ පුහුණු නිපුණතා වීසා වැඩසටහන යටතේද අමතර වීසා කෝටාවක් ලැබී තිබෙනවා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවෙන් බැහැර අයදුම්පත් භාර ගැනීමක් තවමත් සිදු නොකරන බවයි ඔවුන් දන්වා සිටින්නේ.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ සිටින අයදුම්කරුවන්ගෙන් පමණක් මෙම අමතර කෝටාවද සම්පූර්ණ කරන බව Northern Territory ප්‍රාන්ත රජය සඳහන් කලා.

දැනට පවතින වීසා ක්‍රියාවලිය යටතේම තවදුරටක් අයදුම්පත් සළකා බැලීම සිදුකරන බවද Northern Territory රජය කියාසිටියා.

එබැවින් හැකිතාක් ඉක්මණින් අයදුම්පත් ගොණු කරන ලෙසයි සුදුසුකම් ලත් ඉල්ලුම්කරුවන්ට Northern Territory රජය දන්වා සිටින්නේ.

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »