
ඔස්ටේරලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇතැයි ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙනවා.
සේවක හිගය සහ අමුද්‍රව්‍ය හිගය හමුවේ බොහෝ ඉදි කිරීම් අතරමග නතරවීමයි ඊට හේතුව වන්නේ.
විශේෂයෙන් bricklaying, carpentry & roofing යන කටයුතුවලදී දැනට පවතින සේවක හිගය ඉතිහාසයේ දරුණුතම තත්වයේ පවතින බවටයි විශ්වාස කෙරෙන්නේ.

දැනට සමස්ත රට පුරා නිවාස ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක ඉදි කිරීම් ඇණහිටීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේද සේවක හිගයයි.
පසුගිය මාස 12 පුරා ඉදි කිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව දැඩි පුහුණු ශ්‍රමික හිගයක් නිර්මාණය වී ඇතත් සුදුස්සන් සොයා ගැනීමට අසීරු තත්වයකුයි දක්නට ලැබෙන්නේ.
