
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 47 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව පොලිසිය හා එක්ව වෙන්නප්පුව නගරයේ ඊයේ රාත්‍රී කාලයේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර තිබුණා.
එහිදී සැකකටයුතු වෑන් රථ 03 ක් පරීක්‍ෂාවට ලක් කර තිබුණා.

එම වෑන් රථ තුළ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 37 ක්, කාත්තාවන් 06 ක් සහ වයස අවුරුදු 18 ට අඩු 04 දෙනෙක් ඇතුලුව පුද්ගලයන් 47 දෙනෙකු සමග එම වෑන් රථ 03 ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.
මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදා භාරයට ගත් පිරිස යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, කල්මුනේ, මඩකලපුව, පුත්තලම, හලාවත, මාරවිල, මහවැව, මුන්දලම සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලීසිය වෙත භාර දී තිබෙනවා.