
ලබන වසරේදී ඔස්ටේ්‍රලියාව තුළ දැඩි ගෑස් අර්බුදයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.
ගෑස් හිගයක් ඇතිවීමත් – මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළයාමත් – ගෑස් කර්මාන්තය ආශ්‍රිත රැකියා අවධානම් මට්ටමකට පත්වීමත් ඊට අයත්.
විශාල ගෑස් සමාගම් විසින් විදේශයන්ට අසීමිත ලෙස ගෑස් අලෙවි කිරීමත් රට තුළ සැපයුම් අවශ්‍යතාවය පිළිබඳ අඩු සැළකිල්ලක් දැක්වීමත් මීට ප්‍රධාන හේතුව ලෙසයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන්නේ.

ෆෙඩරල් මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් අනතුරු අගවන්නේ ගෑස් සමාගම් අර්බුදය විසඳාලීමට අපොහොසත් වුවහොත් රජයට මැදිහත්වීමට සිදුවන බවටයි.
එසේ වුවහොත් පුද්ගලික ගෑස් සමාගම්වල ආදායමට දැඩි බලපෑමක් විය හැකි බවටත් ඔහු අවධාරණය කර තිබුණා.
