මෙල්බන් ගුවන් තොටුපළෙන් අද දිනයේදී සිඩ්නි දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත වූ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර තිබෙනවා.
දැනට ගුවන් වාර 03 ක් අවලංගු කර ඇති අතර දිනයේ ඉදිරි කාලය තුළදීත් තවත් ගුවන් වාර අවලංගු විය හැකි බවටයි අනතුරු අගවා ඇත්තේ.
ක්වන්ටාස් ගුවන් සේවයේ තාක්ෂණික දෝෂයක් මීට හේතුවයි.
සිඩ්නි හැර වෙනත් ගමනාන්ත දක්වා සැළසුම් කර තිබූ ගුවන් වාර 15 ක් පමණද මෙහිදී අවලංගු කර ඇති බව සඳහන්.
මෙල්බන් ගුවන් තොටුපළේ අද පෙරවරුවේ සිටම දැඩි පෝලිම් තත්වයක්ද පැවති බවට වාර්තා වුණා.