ඔස්ට්‍රෙලියා පනින්න ගිය 12 ක් යාපනයේදී අල්ලයි

BOAT NAVY

නීතිවිරෝධීව ඔස්ට්‍රෙලියාවට බලා යාමට උත්සාහ කළ පුද්ගලයින් 12 දෙනෙකු යාපනය – පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් සිව්දෙනෙකු ද පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

පේදුරුතුඩුව – මරන්කාඩු වෙරළ ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු 04 ක් ඔස්ටේ්‍රලියා මුහුදු තීරයේදී වැටලූ බව ඔස්ටේ්‍රලියා වෙරළාරක්ෂක බලකාය පවසනවා.

පුද්ගලයන් 125 දෙනෙකු මෙහිදී සිය භාරයට ගෙන හරවා යැවුණු බවයි ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

2015 වසරෙන් පසු එක් මාසයකදී වැඩිම අනවසර සංක්‍රමණිකයන් පිරිසක් එකවර හඳුනාගත් පළමු අවස්ථාවද මෙයයි.

ලේබර් පක්ෂ රජය යටතේ කිසිදු දේශ සීමා නීති ලිහිල් කිරීමක් සිදුකර නොමැති බව ෆෙඩරල් රජය අවධාරණය කරනවා.

අනවසර සංක්‍රමණිකයන් සියලු දෙනා එම අවස්ථාවේදීම හරවා යැවෙන බවයි ස්වදේශ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »