Search

ශ‍්‍රී ලංකාවට ඉදිරි සති දෙක තීරණාත්මකයි – BBC අලුත්ම වාර්තාව මෙන්න

අවිනිශ්චිත දේශපාලන වාතාවරණය, IMF සාකච්ඡා, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඉන්ධන අර්බුදය ඇතුලු ගැටලු වලින් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්ත්වයකට මුහුණ පා සිටියි.

ආර්ථික විශේෂඥයින් පවසන්නේ මේ හේතුවෙන් ඉදිරි සති 02ක ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක බවයි.

මේ අතර ඇමෙරිකාව වෝදනා කරන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමට බලපාන හේතු අතර චීන ඵලදායී නොවන ව්‍යාපෘති සහ ණය ගනුදෙනු ඇති බවයි.

ජාත්‍යන්තර් මුල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා තවමත් නිසි එකඟතාවයකින් තොරව දිග්ගැස්සීම මෙන්ම පොලී අනුපාත ඉහළ යෑම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත.

ඒ, ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාව සඳහා නව මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා සැලසුම් නොකරණ බවට ලෝක බැංකුවද අධාරණයකර ඇති පසුබිමකය.

මෙම තත්ත්වය තුළ ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති අතර සේවකයින් දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවදානමක්ද පවතින බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

-BBC-

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »