
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 125 ක් වාර්තා වී ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 37 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 34 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 27 ක්ද ඊට ඇතුලත්වේ.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 2022 අප්‍රේල් 13 සහ 2022 ජූලි 27 අතර මරණ 17ක් වාර්තා විය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly විසින් monkeypox (MPX) ජාතික වැදගත්කමකින් යුත් බෝවන රෝග සිදුවීමක් ලෙසත් එය වැළක්වීමට මැදිහත්වීම් සහ මහජන පණිවිඩ යැවීම අවශ්‍ය බවත් ප්‍රකාශ කර ඇත.
මෙම නිවේදනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝගයට අනුව MPX ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් හෝ COVID-19 හා සමාන වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

MPX යනු COVID-19 ට වඩා හානිකර නොවන බවත් එය COVID-19 ලෙස සම්ප්‍රේෂණය නොවන බවත් මහාචාර්ය Paul Kelly පැවසීය.
විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ඔස්ට්‍රේලියානුවාසීන් 44 දෙනෙකු හට මෙම වයිරසය වැළදී ඇති බව හඳුනාගෙන ඇත.
-SBS-