Breaking: 08 වන විධායක ජනපති ලෙස රනිල් පත්වෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි.

ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක්ද අනුර දිසානායක මහතා ඡන්ද 03 ක් ද ලබා ගත්හ.

මන්ත්‍රීවරුන් 223 ක් ඡන්දය ප්‍රකාශ කල අතර දෙදෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වූයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

අනතුරුව සභාව අමතමින් කතානායකවරයා සියලු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ අද පැවැත්වෙන ඡන්ද විමසීම සාර්ථක කර ගැනීම සඳහා සහය දක්වන ලෙසයි.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »