රනිල් – ඩලස් – අනුර ගේ පැටිකිරිය ඔබ දන්නවාද ?

පාර්ලිමේන්තු රහස් ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයෙක් අද පත් වීමට නියමිත යි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, වත්මන් වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වීමට නියමිත යි.

මේ දැක්වෙන්නේ, අපේක්ෂකයන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාවලියේ ඉතිහාසය පිළිබඳ සැකවින් කළ කරුණු දැක්වීමක්

————————————————————————-

රනිල් වික්‍රමසිංහ

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මේ වන විට පසු වන්නේ, හැත්තෑ තුන් වැනි වියේයි.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඔහු තරග කළ එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආසනයක් දිනා ගැනීමට නො හැකි වූ අතර, රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ, ජාතික ලැයිස්තුවෙන්.

රනිල් වික්‍රමසිංහ මුල් වරට මැති සබයට පිවිසෙන්නේ, 1978 වන අතර, දීර්ඝ ම පාර්ලිමේන්තු ඉතිහාසයට හිමිකම් කියන්නේ ද රනිල් වික්‍රමසිංහ යි.

රනිල් වික්‍රමසිංහ 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සිව් වරක් කටයුතු කර තිබේ.

2018 ඔක්තෝම්බර් මස 26 වැනි පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් 2018 ඔන්තෝම්බර් මස 15 වැනි දින ඉල්ලා අස් වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යලිත් 2018 දෙසැම්බර් මස 16 වන දින පස්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ පත් කරනු ලැබීය.

මැයි 12 වනදා අගමැති තනතුරට පත්වීමත් සමග රනිල් වික්‍රමසිංහ මෙරට 06 වරක් අගමැති ධුරය හොබවා ඇති අතර මෙරට පුද්ගලයෙකු අගමැති තනතුර දරා ඇති වැඩිම අවස්ථා ගණනද එයයි.

17 වැනි ව්‍යවස්ථා සශෝධනයට රනිල් වික්‍රමසිංහ පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කළ අතර, 18 වැනි ව්‍යවස්ථා සශෝධනයට පක්ෂ ව වත් විපක්ෂ ව වත් ඡන්දය ලබා දී නෑ.

19 වැනි ව්‍යවස්ථා සශෝධනයට රනිල් වික්‍රමසිංහ පක්ෂ ව ඡන්දය ලබා දී ඇති නමුත් 20 වැනි සංශෝධන ඡන්ද විමසීම සිදු කරද්දී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නො වෙ යි.

———————————————————————-

අනුර කුමාර දිසානායක

අනුර කුමාර දිසානායක මේ වන විට පසු වන්නේ, පනස් තුන් වැනි වියේ වන අතර, අපේක්ෂකයන් 03 දෙනා අතරෙන් ළාබාලතම අපේක්ෂකයා වන්නේ ද ඔහු යි.

1968 නොවැම්බර 24 වැනි දා උපන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ඔහු මුල් වරට මැති සබයේ ආසනයක් වෙන් කර ගන්නේ, 2000 වර්ෂයේයි.

2004 සන්ධාන රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග හා ඉඩම් ඇමැති ද විය.

2020 මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය යටතේ තරග කර මනාප 49,804ක් ලබා ගත්තා.

ඒ, ජාතික ජන බලවේගයේ වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තුවට තේරි පත් වෙමින්.

අනුර කුමාර දිසානායක 17 සහ 19 යන ව්‍යවස්ථා සංශෝධන සඳහා පක්ෂ ව ඡන්දය භාවිත කළ අතර, 18 හා 20 සශෝධන සඳහා ඡන්දය භාවිත කර ඇත්තේ, විපක්ෂව යි

—————————————————————

ඩලස් අලහප්පෙරුම

ඩලස් අලහප්පෙරුම මේ වන විට පසු වන්නේ, හැට තුන් වැනි වියේ යි.

විශ්ව විද්‍යාල සමයේ සිට දේශපාලන ක්‍රියාකරුවෙකු හා මාධ්‍යවේදියෙකු වන ඩලස් දේශපාලනඥයෙක් බවට පත්වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේය.

ඔහු සමග සරසවියේ විප්ලවීය කලා සංගමයේ කටයුතු කළ පසුකලෙක ජනප්‍රිය ගායිකාවක හා වේදිකා නිළියකවූ ප්‍රදීපා ධර්මදාස සමග ඩලස්ගේ විවාහය සිදුවිය.

යුක්තිය, හිරු ආදී විකල්ප පත්තර වලට ඔහු සම්බන්ධ විය.

ඔහුගේ සමකාලීන පත්තර සගයන් අතර විමල් වීරවංශ, සුනිල් මාධව ප්‍රේමතිලක, රෝහිත භාෂණ ආදීන් විය.

ඔහු 1994 දී පාර්ලිමේන්තුවට පිවිස 2001 දක්වා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා.

2020 මහ මැතිවරණයෙන් ඩලස් අලහප්පෙරුම ඡන්ද 103,354ක් ලබා ගැනීමට සමත් වුණා.

ඔහු 17, 18, 19 හා 20 යන සියලු ම ව්‍යවස්ථා සංශෝධන සඳහා පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »