විශ්‍රාමික ඔස්ටේ්‍රලියානුවන්ට තිබිය යුතු අවම මුදල් සම්බන්ධයෙන් වාර්තාවක්

විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා ඔස්ටේ්‍රලියානුවන්ට තිබිය යුතු අවම මුදල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් තොරතුරු හෙළි කර තිබෙනවා.

ඒ අනුව අවුරුදු 55 ත් 59 ත් අතර කාලයේදී විශ්‍රාම දිවිය ආරම්භ කරන තනි පුද්ගලයෙකුට අවම වශයෙන් ඩොලර් 745,000 ක් ඉතුරුම්වල පැවතිය යුතු බවයි එහි දැක්වෙන්නේ.

බිරිඳ හා සැමියා යන දෙදෙනාටම අවම වශයෙන් ඩොලර් දස ලක්ෂ තුන් දහසක මුදලක් තිබිය යුතු බවත් මෙහිදී අනාවරණය වුණා.

සතියක වියදම් සැළකීමේදී විශ්‍රාමිකයෙකු විසින් වියදම් කරන උපරිම මුදල ඩොලර් 2115 ක් ලෙසයි මෙම සමීක්ෂණයේදී හෙළිකර ඇත්තේ.

එහි අවම මුදල එනම් අවශ්‍යතා අවමයෙන් සපුරා ගැනීමට ඩොලර් 1308 ක මුදලක් තිබිය යුතු බවටත් හෙළිවනවා.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »