ශ්‍රී ලංකාවේ අර්බුද ගැන යුක්රේනයෙන් රුසියාවට දොස්

ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් යුක්රේනය රුසියාවට දොස් නගා තිබෙනවා.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසා ඇත්තේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ලොව පුරා රටවල් රැසකට බලපැම් එල්ල කර ඇති බව හා ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයට ද එය එක් හේතුවක් බවයි.

යුක්රේන ආක්‍රමණය හමුවේ ලොව පුරා ආහාර අර්බුදයක් නිර්මාණය වූ බවත් එය රටවල් රැසක නොසන්සුන්තාවලට බලපා ඇති බවත් යුක්රේනය චෝදනා කළා.

යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව භාවිතා කර ඇති එක් උපක්‍රමයක් වන්නේ “ආර්ථික කම්පනයක්” ඇති කිරීම බවයි යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කළේ.

පවතින අර්බුදය සහ සැපයුම් දාමයේ කඩාකප්පල් වීම හේතුවෙන් රටවල් රැසක් ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති අතර, ශ්‍රී ලංකාවට ද එහි බලපෑම් එල්ල වී ඇති බවත් එය රුසියාවේ න්‍යාය පත්‍රයේ ප්‍රතිපලයක් බවත් යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් චෝදනා කළා.

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »