
ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය වසර 50 ක ඉතිහාසයේ අඩුම අගය වාර්තා කර තිබෙනවා.
1974 වසරෙන් පසු සටහන්වූ අඩුම අගය ලෙස එය දැක්වෙන්නේ සියයට 3.5 ක් ලෙසයි.
පසුගිය ජූනි මාසයේදී විරැකියා අනුපාතය සියයට 0.4 ක් ලෙස සටහන්ව ඇති අතර 54,000 කට ආසන්න නව රැකියා නිර්මාණය වී ඇතැයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලා.

1974 වසරේදී ඔස්ටේ්‍රලියා විරැකියා අනුපාතය සටහන්වී ඇත්තේ සියයට 2.7 ක් ලෙසයි.
කාන්තාවන් සඳහා වන විරැකියා අනුපාතය සියයට 3.4 ක් ලෙසද පුරුෂයන් සඳහා සියයට 3.6 ක් ලෙසද සටහන් වනවා.

එම අගයන් දෙකද 1974 වසරෙන් පසු සටහන් වන අඩුම අගයන් ලෙසයි දැක්වෙන්නේ.