මෙල්බන් නගරයේ මෙම වසර තුළ 17 වන වෙඩි තැබීමද වාර්තා වෙයි

මෙල්බන් නගරයේ මෙම වසර තුළදි සිදුවූ 17 වන වෙඩි තැබීමද වාර්තා වී තිබෙනවා.

හි වීදියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 55 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු පළාගොස් ඇති අතර ඔහු සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.

පැය 24 ක් තුළ මෙල්බන් නගරයෙන් වාර්තා වූ දෙවන වෙඩි තැබීමද මෙයයි.

පසුගිය සඳුදා නෝබල් පාර්ක් හි දී සිදුවූ වෙඩි තැබීමකින් අයෙකු මරණයට පත්වූ අතර එහි සැකකරුද තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »