Search

ඔස්ටේ්‍රලියා – නවසීලන්ත ස්ථිර පදිංචිකරුවන්ට පුරවැසිභාවය ලබාදීම වේගවත් කරයි

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය යන රටවල් දෙකෙහි පදිංචිවී සිටින එම රටවල ස්ථිර පදිංචිකරුවන්ට පුරවැසිභාවය ලබාදීම වේගවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන වසරේ ANZAC දිනය වනවිට ඊට අදාළ කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.

නිල සංචාරයකට පැමිණ සිටින නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කලා.

වසරකට වැඩි කාලයක් ඔස්ටේ්‍රලියාවේ පදිංචි වි සිටින නවසීලන්ත පුරවැසියන්ට ඡන්ද අයිතිය ලබාදීමටද යෝජනා වී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් පැවසුවේ ඔස්ටේ්‍රලියාවේ හොඳම සංක්‍රමණිකයන් කණ්ඩායම නවසීලන්ත ජාතිකයන් බවයි.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »