Clyde – Clyde North ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් පුලුල් කිරීමට පියවර

Clyde – Clyde North ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් පුලුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව සන්නිවේදන කුලුණු 04 ක් ඉදි කිරීමට නියමිත අතර තවත් 11 ක් වැඩි දියුණු කිරීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සන්නිවේදන පහසුකම් පුලුල් කිරිමේ ඩොලර් මිලියන 550 ව්‍යාපෘතිය යටතේයි මෙම වැඩි දියුණු කිරීම් සිදුකෙරෙන්නේ.

මෙමගින් Cranbourne, Botanic Ridge, Officer, Clyde and Clyde Nth ප්‍රදේශවල පදිංචි ජනතාවට සිය සන්නිවේදන සබඳතා තවත් වේගවත්ව අත්විඳීමට හැකිවනු ඇති.

මෙම කලාපයේ දුරකථන සංඥා හා අන්තර්ජාල වේග ඉහළ දමන ලෙසට ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරීමද පසුගියදා ආරම්භ කෙරුණා.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »