රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න මිචෙල් ස්ටාර්ක් BBL අත් හරී

මෙවර බිග් බෑෂ් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවන බව ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් තහවුරු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා තමා ප්‍රමුඛත්වය දීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ස්ටාර්ක් කියා සිටියේ.

මින් පෙර ස්ටාර්ක් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර තිබුනේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහාද තමා යළි ක්‍රීඩා නොකරන බවයි.

ශ්‍රීි ලංකාව සමඟ ලබන 08 වනදා ආරම්භවීමට නියමිත දෙවන ටෙස්ට් තරගයට සහභාගිවීමේ අවස්ථාව තුන් ඉරියව් ක්‍රීඩක ඇස්ටන් අගාර්ට අහිමි වී ගොස් තිබෙනවා.

ඔහු වෙනුවට දෙවන ටෙස්ට් තරඟය සඳහා සහභාගි වන 17 දෙනෙකුගෙන් යුත් සංචිතයට සඳහා කැඳවා ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක ජෝන් හොලන්ඩ්.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ඔස්ට්‍රෙලියාව ජයගත්තේ කඩුලු 10 කින්.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »