නොවැම්බර් වික්ටෝරියා මැතිවරණයෙන් ඩැනියල් ඇන්ඩෲස් විශිෂ්ඨ ජයක් ලබන ළකුණු

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් වත්මන් ඩැනියල් ඇන්ඩෲස් පාලන රජය විශිෂ්ඨ ජයක් අත්කර ගන්නා බවට නවතම සමීක්ෂණයක් හෙළිකර තිබෙනවා.

ඒ අනුව ලේබර් රජය විසින් සියයට 59.5 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනු ඇති බවටයි නවතම සමීක්ෂණයක් පුරෝකථනය කර ඇත්තේ.

එය 2018 වසරේ පැවති ප්‍රාන්ත මැතිවරණයට වඩා සියයට 2.2 ක ජනප්‍රියත්වය ඉහළ යාමක් වනු ඇති.

වත්මන් වික්ටෝරියා විපක්ෂ නායක මැතිව් ගයි ට වඩා අගමැති ඩැනියල් ඇන්ඩෲස් ඉහළ ජනප්‍රියත්වයක පසුවන බවත් එම ප්‍රතිශතය සියයට 64.5 ක් බවත් මෙහිදී අනාවරණ වුණා.

මේ අනුව අඛණ්ඩව 03 වන වරටත් වික්ටෝරියා අගමැති ධුරයට ඩැනියල් ඇන්ඩෲස් පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ජූනි 30 වනදා සිට ජූලි 02 වනදා දක්වා කාලය තුළ වික්ටෝරියා හි ඡන්ද කොට්ඨාශ 1710 ක මෙම මත විමසුම සිදුකර තිබුණා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »