යුක්රේනයට තවත් ඔස්ටේ්‍රලියා යුධමය ආධාර

යුක්රේනයට තවත් යුධමය ආධාර සපයන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් සහතික වී තිබෙනවා.

යුධමය වාහන – ඩ්‍රෝන යානා ඇතුලු ඩොලර් මිලියන 100 ක පමණ ආධාර මීට ඇතුළත්.

යුක්රේනයේ සංචාරයක නිරතවන අතරතුර එරට ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි අගමැති ඇල්බනීස් මෙය නිවේදනය කලේ.

රුසියානු ඇමතිවරුන් ඇතුලු තවත් ඉහළ නිලධාරීන් 16 කට එරෙහිව සම්බාධක පනවන බවද අගමැතිවරයා මෙහිදි නිවේදනය කලා.

ගැටුම් පවතින ප්‍රදේශ කිහිපයකද අගමැති ඇන්තනී ඇල්බනීස් සංචාරය කර තිබුණා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »