නිවු සවුත් වේල්ස් අවධානම් ස්ථාන 70 ක ජනතාවට වහා ඉවත්වන ලෙස අනතුරු ඇගවීම්

ජල ගැලීම් හමුවේ සිඩ්නි ඇතුලු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවධානම් ස්ථාන 70 කට වැඩි සංඛ්‍යාවක වාසය කරන ජනතාවට වහා ඉවත්වන ලෙස අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

32,000 කට ආසන්න පිරිසකට එය බලාත්මක වනු ඇති.

ගලවා ගැනීම් ආධාර ඉල්ලා ඇමතුම් 3,500 ක් පමණ ලැබී ඇතැයි නිවු සවුත් වේල්ස් සහන කණ්ඩායම් ප්‍රකාශ කලා.

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් හි බොහෝ ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවා ගිය ධාරාණිපාත වැසි ඇද හැළී තිබෙනවා.

ප්‍රාන්ත බළධාරීන් රියදුරන්ට දන්වා සිටින්නේ අනතුරු ඇගවීම් නිවේදන කෙරෙහි විමසිල්ලෙන් පසුවන ලෙසයි.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »