PHOTOS : ජැක්සන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට

අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වාහනයේ වල් අලියකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබෙනවා.

ඔහුගේ තත්වය තරමක් අසාධ්‍ය නමුත් මේ වනවිට ප්‍රකෘති තත්වයෙන් පසුවන බවයි රෝහල් ප්‍රකාශිකාවක තහවුරු කලේ.

තුවාල ලැබූ අනෙක් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේද අනෙක් තැනැත්තා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ද ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඊයේ රාත්‍රී 10.00 ට පමණ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු 03 දෙනෙකු ගමන්ගත් කැබ් රථය අලියාගේ සිරුරේ ගැටීමත් සමග කැබ්රථය මතට වන අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

තලාව පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »