සිංහල කථා කරන වික්ටෝරියා ලාංකිකයන් ගැන සංගණනයෙන් හෙළිවූ දේ

ඔස්ටේ්‍රලියාව තුළ දැනට වාසය කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 132,000 කට ආසන්න බව 2021 ජන සංගණනයේදී අනාවරණ වී තිබෙනවා.

එයින් නිවසේදී සිංහල භාෂාව කථා කරන සංඛ්‍යාව 85 දහස් 869 ක් බවයි අද නිකුත් වූ සංඛ්‍යාලේඛණ වාර්තාවේ දැක්වෙන්නේ.

මින් බහුතරයට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර එම සංඛ්‍යාව 49 දහස් 501 ක්.

2021 සංගණන දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ උපත ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 131,904 කි.

එයින් වැඩිම පිරිසක් අයත්වන්නේ වයස අවුරුදු 35 ත් 39 ත් අතර වයස් ඛාණ්ඩයටය.

එම ප්‍රමාණය 16,243 කි.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන වයස අවුරුදු 40 ත් 44 ත් අතර ශ්‍රී ලංකාවේ උපත ලැබූ පිරිස 14,298  ක් ලෙසත් වයස අවුරුදු 30 ත් 34 ත් අතර පිරිස 14,258 ක් ලෙසත් වාර්තා වේ.

2016 සංගණනයේදී ඔස්ටේ්‍රලියාව තුළ දැනට වාසය කරන ශ්‍රී ලාංකිකයන් සටහන් වූයේ 109,849 ක් ලෙසයි.

SOURCE – ABS

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »

මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Read More »

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »