එළවලු – පළතුරු මිල පාලනයට ක්වීන්ස්ලන්ඩ් හි අලුත් වැඩක්

ඉහළ යන එළවලු සහ පළතුරු මිල පාලනයට හැකි සෑම අවස්ථාවකදීම තනි ග්‍රොසරි හරහා ඒවා මිළදී ගන්නැයි ක්වීන්ස්ලන්ඩ් ගොවීන් සහ ව්‍යාපාර හිමියන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මහා පරිමාණ දැවැන්ත සුපිරි වෙළඳ සැල් ජාල හරහා ඒවා මිළදී ගැනීමෙන් දේශීය වගාකරුවන්ට ප්‍රතිලාභ අත් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අයහපත් කාළගුණය – උද්ධමනය – ඉන්ධන ගාස්තු වැනි සාධක හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් හි එළවලු – පළතුරු මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

මාර්තු කාර්තුවේදී එළවලු – පළතුරු මිළෙහි ඉහළයාමසියයට 6.7 ක් ලෙසයි සටහන් වන්නේ.

කුඩා අලෙවිසැල් හරහා ඒවා මිළදී ගැනීම දේශීය කෘෂිකර්මය රැකගැනීමට ඉවහල් වන බවයි ක්වින්ස්ලන්ඩ් ගොවීන් පෙන්වා දී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »