2017 සිට මේ දක්වා සංක්‍රමණිකයන් 10 ලක්ෂ 20 දහසකට වැඩි පිරිසක් ඔස්ටේ්‍රලියාවට

POPULATION

2021 ජන සංගණනයේ නිල තොරතුරු ඊයේ මද්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණා.

එහිදී අනාවරණය වුයේ ඔස්ටේ්‍රලියානුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක එනම් සියයට 48.2 කගේ මව හෝ පියා වෙනත් රටක උපත ලැබූවන් බවයි.

2017 වසරේ සිට මේ දක්වා සංක්‍රමණිකයන් 10 ලක්ෂ 20 දහසකට වැඩි පිරිසක් ඔස්ටේ්‍රලියාවට පැමිණ ඇති බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

එම පිරිසෙන් ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව වැඩිම පිරිසක් උපත ලබා ඇත්තේ ඉන්දියාවෙයි.

එම සංඛ්‍යාව 220,000 කට ආසන්නයි.

චීනය – නවසීලන්තය සහ එංගලන්තය පිළිවෙලින් සෙසු ස්ථානවල රැඳී සිටිනවා.

ඔස්ටේ්‍රලියාව තුළ ඉංග්‍රීසි භාෂාව හැරුණු කොට වැඩිම පිරිසක් භාවිතකරන 02 වන භාෂාව බවට පත්ව ඇත්තේ චින භාෂාවයි.

දෙවන සහ 03 වන ස්ථාන පිළිවෙලින් අරාබි සහ පංජාබ් භාෂා විසින් හිමිකරගෙන තිබෙනවා.

මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Read More »

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »