Search

ඔස්ට්‍රෙලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතයට ක්‍රීඩකයන් 18ක් ඇතුළත් වන අතර යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත රසාංජන යන ක්‍රීඩකයන් දෙදෙනා ද පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම් කර තිබෙනවා.

තරඟ 02 කින් යුත් මෙම ටෙස්ට් තරඟාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග ලෙස සලකයි.

මෙම ටෙස්ට් තරඟාවලියේ පළමු තරගය ජුනි 29 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිමුත් කරුණාරත්න (නායක),පැතුම් නිශ්ශංක, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ (පොරොත්තු ක්‍රීඩක), ලක්ෂිත රසාංජන (පොරොත්තු ක්‍රීඩක)

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »