Search

ඔස්ටේ්‍රලියාවේ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සීඝ්‍රයෙන් ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

මෙවර මාර්තු කාර්තුවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා 645,000 ක් පමණ පැවති බවයි සංඛ්‍යාලේණ කාර්යාංශ වාර්තාවල දැක්වෙන්නේ.

එය 2021 දෙසැම්බර් කාර්තුවට සාපේක්ෂව සියයට 2.4 කින්ද – 2021 මාර්තු කාර්තුවට සාපේක්ෂව සියයට 3.6 කින්ද ඉහළයාමක් වනවා.

ගතවූ කාල සීමාව සැළකිමේදී සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත පූර්ණ කාලීන මෙන්ම අර්ධ කාලීන රැකියාවලද වැඩිවීමක් පෙන්නුම් කෙරෙනවා.

කෙසේවෙතත් සමස්තයක් ලෙස සැළකීමේදී පිරිමි පාර්ශවය සංචාරක කර්මාන්තයේ රැකියා සඳහා පෙළඹීමේ කිසියම් අඩුවක් දක්නට ලැබෙන බවයි සංඛ්‍යාලේඛණ කාර්යංශ වාර්තා සඳහන් කරන්නේ.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »