
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බවට ඕස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් පොරොන්දු වී තිබෙනවා.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ක්ලෙයාර් අද පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේදීයි මේ බව සදහන් කළේ.
මේ අතර නීතිවිරෝධි සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ඇති ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවද ඕස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීමට තමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ගත් ක්‍රියාමාර්ග එහිදී රජපක්ෂ මහතා පැහැදිලි කර ඇති අතර නාවික හමුදාව එම පියවරයන් ඉදිරියට ගෙන යමින් ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළ බව සදහන්.
මීට අමතරව ඔස්ටේ්‍රලියානු රජය නෞකා, තාක්ෂණික සහ ද්‍රව්‍යමය ආධාර සපයමින් ඊට ලබාදෙන සහය අගය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා දෙරට මනා සබඳතාවයකින් කටයුතු කරමින් සිටින බවද මෙහිදී සදහන් කර තිබෙනවා.

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාව දැඩි අවධානයෙන් පසු වන බවට ක්ලෙයාර් මහත්මිය මෙහිදී ප්‍රකාශ කල බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් සමඟ අද (20) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීය.
ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට ඔස්ට්‍රේලියාව අඛණ්ඩව සහාය ලබා දෙන ඔස්ට්‍රේලියානු අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.
විදේශයන්හි ආයෝජන සඳහා විවෘත වන අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැහැදිලි කළේය.
ඔස්ට්‍රේලියානු සංචාරක ව්‍යාපාරය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ගෙනයාමට හා ශ්‍රී ලංකාව තුළ ඔස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උනන්දු වන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.
තම රජය ක්‍රියාත්මක කිරීම ට නියමිත නැව් මාර්ග සංවර්ධනය කිරීම පිලිබද පැහැදිළි කළ අමාත්‍යවරිය . සමුද්‍ර ආරක්ෂාව සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් තම පරිපාලනයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළාය.
මිනිස් ජාවාරම් නැවැත්වීමට ශ්‍රී ලංකා රජය සහ එහි ආරක්ෂක අංශ කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
රේගු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සහ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සුදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කලේය .
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක සංවර්ධන ආධාර පැකේජයක් ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු රජයට සිය ස්තූතිය පුද කළේය.