Commonwealth බැංකුව ලංකාවට උපකාර කරන්න $ 6 ක Transfer fee කපා හරී

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින දැඩි ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට උපකාර කිරීමේ නව වැඩපිළිවෙලක් Commonwealth බැංකුව විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට මුදල් යැවීමේදී දැනට ලෙස අය කෙරෙන ඩොලර් 06 ක මුදල අය නොකෙරෙන අතර එය ශ්‍රී ලංකාවට උපකාර කිරීමේ අරමුදලකට බැරකෙරෙනු ඇති.

NetBank හෝ CommBank ඇප්ලිකේෂනය හරහා මෙරට සිට ඩොලර් , ශ්‍රී ලංකාවේ ගිණුමකට රුපියල් ලෙස යොමු කිරීමේදී මෙය ක්‍රියාත්මක වනවා.

ලබන සැප්තැම්බර් 11 වනදා දක්වා මෙම ගාස්තු කපා හැරීම බලාත්මක වන බවයි Commonwealth බැංකුව සඳහන් කරන්නේ.

ගණුදෙනුව සිදුකරන විට promo code ලෙස SUPPORTSL යෙදිය යුතු වනවා.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »