බෝට්ටුවලින් ගිය තවත් 23 ක් ඔස්ටේ්‍රලියාවෙන් ලංකාවට පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ලෙස ඔස්ටේ්‍රලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින් ගමන් ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු එරට වෙරළාරක්ෂක බළකාය විසින් අත් අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

මොවුන් පසුගිය මැයි මස 27 දින වෙන්නප්පුව කොස්වාඩිය ප්‍රදේශයෙන් පිටත්ව ගොස් තිබුණා.

මෙම ශ්‍රී ලාංකිකයන් 23 දෙනා අතරින් එක් අයෙකු කාන්තාවක වන අතර මොවුන් මීගමුව, කොස්වාඩිය සහ මූතූර් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

අදාළ ලාංකිකයන් පිරිස අද අලූයම 03.50 ට ඔස්ටේ්‍රලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »