පර්ත් නගරයේ පිහි ඇණුම් ප්‍රහාරයක් පොලීසිය විරමර්ශන අරම්භ කරයි

පර්ත් නගර යේ ඊයේ රාත්‍රීයේ දී පිහි ඇණුම් ප්‍රහාරයක් වාර්තා වී මෙන් පසු ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම සිදු වීම වාර්තා වන අතර ඒ පිළිබඳ තොරතුරු පසුව ලබා දෙන බව පොලීසිය සඳහන් කර තිබුණා.

හදිසි සේවා ඇතුළුව මුර සංචාර රථ 30 කට වැඩි ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ නගරයේ දකුණේ විලෙටන් හි හයි පාර වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් හයි රෝඩ් වෙස්ට් බවුන්ඩ් පාර අද උදෑසන යම්පි වයි සහ ලීච් අයිව් අතර වසා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පර්ත් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »