ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

 

මෙලෙස අසමත්වන සිසුන් සමත්කරවීම සදහා ගුරුවරුන්  මහත් පරිශ්‍රමයක් දරණ බවයි වාර්තාවන්නේ.

 

ගුරුවරුන් පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගත තත්වයෙන් පසු මෙලෙස විභාග අසමත්වෙන සිසුන් සංඛ්‍යාව සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි.

 

මෙලෙස සිසුන් දිගින් දිගටම අසමත්වීම හමුවේ ගුරුවරුන් ද ඉගැන්වීම් කටයුතුවලදි අධෛර්යමත් වී ඇති බව සඳහන්.

 

ඒ අනුව ගුරු සැපයුම ඉහළ නැංවීම සඳහා නව ප්‍රතිසංස්කරණය හඳුන්වාදීම කෙරෙහි අධයාපන බලධාරීන්ගේ අවධානට යොමුව තිබුණා.

 

නව පාසැල් වාරය ආරම්භ කිරීමත් සමග ගුරුපුරප්පාඩු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ඇතැම් විශයන් සිසුන්ට මගහැරි ඇති බවද සදහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »