පසුගිය පෙබරවාරි වනවිට ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 40 කට කොවිඩ් වැළඳී තිබූ බව හෙළිවෙයි

පසුගිය පෙබරවාරි මාසය වනවිට ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 40 කට පමණ කොවිඩ් වෛරසය වැළඳී තිබූ බවට නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

වයස අවුරුදු 18 ට වැඩි ජනගහණයෙන් 1/5 කට මෙලෙස වෛරසය ආසාධිතව තිබූ බව සඳහන්.

රුධිර පරිත්‍යාගශීලීන් 5185 දෙනෙකුගෙන් ලබාගත් තොරතුරු මත පදනම්ව මෙම විශ්ලේෂණය සිදුකර තිබෙනවා.

එහිදී හෙළිකරගෙන ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් සමස්ත ජනගහණයෙන් සියයට 26 කට – වික්ටෝරියා හි සියයට 23 කට සහ නිවු සවුත් වේල්ස් හි සියයට 21 කට කොවිඩ් වැළඳී තිබෙන්නට ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ඔමික්‍රොන් ප්‍රභේද රැල්ල හමුවේ මෙතරම් ආසාධිතයන් සංඛ්‍යාවක් සිටින්නට ඇති බවයි මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු රජයේ නිල සංඛ්‍යාලේඛණ අනුව 2020 වසරේ සිට ඊයේ දිනය වනවිට වාර්තා වී තිබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 78 ලක්ෂයකට අධිකයි.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »