ලංකාවට තවත් උදව් කරන්නැයි අමෙරිකාව ඔස්ටේ්‍රලියාවට කියයි

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණය සමථයකට පත් කිරීම සඳහා වැඩි කාර්යභාරයක් ඉටු කරන්නැයි අමෙරිකානු සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුව ක්වඩ් සාමාජික රටවලින් ඉල්ලීමක් කරනවා.

අමෙරිකාව – ජපානය – ඉන්දියාව සහ ඔස්ටේ්‍රලියාවේ එකමුතුවෙන් සැදුම් ලත් සංවිධානයයි ක්වඩ් ලෙස හැඳින්වෙන්නේ.

මානුෂීය සහනාධාර දීමට ඉන්දියාව කටයුතු කරමින් සිටීමද අමෙරිකානු සෙනට් කමිටුවේ ප්‍රසාදයට ලක්වී තිබෙනවා.

අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් – ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමසා – ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ ඔස්ටේ්‍රලියා විදේශ අමාත්‍ය පෙනී වොංග් වෙත ලිපියක් යොමු කරමින් අමෙරිකානු සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුව අවධාරණය කරන්නේ අදාළ රටවලට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් පුලුල් කාර්ය භාරයක් ඉටු කල හැකි බවයි.

විශේෂයෙන් ණය ආධාර සැපයීම සහ මානුෂීය සහන සැපයීම වැනි දෑ කෙරෙහි එහිදී ප්‍රමුඛත්වය දිය යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »