ශ්‍රී ලංකා සංචාරයේදී 04 වන ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයාත් ආබාධයකට

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු ආබාධයකට ගොදුරුවී තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචර්ඩ්සන් මෙලෙස කළවා ප්‍රදේශයේ ආබාධයකට ගොදුරුවී ඇති බවයි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

ඔහුට තරගාවලියේ ඉතිරි තරග සියල්ලම මේ අනුව අහිමිවන අතර නැවත ඔස්ටේ්‍රලියාව බලා යාමට ද සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ආබාධයකට ගොදුරු වූ 04 වන ක්‍රීඩකයා බවට කේන් රිචර්ඩ්සන් මේ අනුව පත්වනු ඇති.

මිචෙල් ස්ටාර්ක් – ෂෝන් ඇබට් සහ මිචෙල් මාර්ෂ් ද මීට පෙර විවිධ ආබාධවලට ගොදුරු වුණා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »