දැඩි සුළං හමුවේ ටස්මේනියා නිවාස 20,000 ක විදුලිය ඇණහිටී

සති අන්තය පුරා පැවති දැඩි සුළං තත්වය හමුවේ ටස්මේනියා ප්‍රාන්තයේ නිවාස 20,000 ක පමණ විදුලිය ඇණහිට තිබෙනවා.

ගස් කඩා වැටීමත් නඩත්තු සඳහා යාමට ඇති මාර්ග අවහිර වීමත් ඊට ප්‍රධාන හේතුවයි.

බළධාරීන් පවසන්නේ අඩාල වූ විදුලි සැපයුම මුලුමනින්ම යථා තත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බවයි.

අයහපත් කාළගුණය හමුවේ ටස්මේනියා හි කාන්තාවක මරණයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබුණා.

https://www.abc.net.au/news/2022-06-13/thousands-still-without-power-in-tasmania-north-west-after-wind/101147584

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »

මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Read More »

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »