
මිනිස් ජාවාරම, සංක්‍රමණය, දේශසීමා කළමනාකරණය සහ ශ්‍රී ලාංකික සිසුන් සඳහා ලබාදෙන අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර සාකච්ඡා වටයක් පවත්වා තිබෙනවා.
සිංගප්පූරුවේ දී පැවති ෂැංග්‍රිලා සංවාදය අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් හා ඔස්ටේ්‍රලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රිචර්ඩ් මාල්ස් අතර මෙම සාකච්ඡාව පැවති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ.
ලෝක ආහාර වැඩසටහන සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ලබා දෙන ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 2.5 ක ඉලක්කගත සංවර්ධන සහාය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ජී එල් පීරිස් මෙහිදී ඔස්ටේ්‍රලියානු රජය වෙත ස්තුතිය පුද කර තිබෙනවා.

කොවිඩ් තත්වය පාලනයට දුන් ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 11.7 ක මුදල සහ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ ප්‍රයත්නවලට සහය වීම පිණිස ඔස්ටේ්‍රලියාවෙන් උපකරණ හා මෙවලම් පරිත්‍යාග කිරීම පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කලා.
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ ඒ සඳහා ඔස්ටේ්‍රලියාවෙන් සහය ලබා දිය හැකි ආකාර පිළිබඳව අමාත්‍යවරුන් දෙපල සාකච්ඡා කර තිබෙනවා.
