සහතික ගන්න අද විදේශ අමාත්‍යංශයට යන ඔබට පණිවුඩයක්

අද දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණද විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

කොන්සියුලර් කටයුතු අංශයේ සේවා ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණෙන බැවින් අද පෙරවරු 07.30 සිට පස්වරු 04.30 දක්වා අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් එය විවෘතව පවතිනු ඇති.

අද දින රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් වීමත් හෙටට පොසොන් පොහොය යෙදී තිබීමත් හමුවේ කොන්සියුලර් කටයුතු අංශය

සාමාන්‍ය කටයුතු සඳහා නැවත විවෘත කෙරෙනුයේ අනිද්දා දිනයේදීයි.

ඊට සමගාමීව යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල අද දින සීමිත සේවා සඳහා විවෘත කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »