03 වන T20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04 ක විශිෂ්ඨ ජයක්

ඔස්ටේ‍රලියාවට එරෙහි 03 වන පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04 ක විශිෂ්ඨ ජයක් අත්වුණා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 176 ක්.

ඩේවිඩ් වෝනර් 39 ක්ද මාර්කස් ස්ටොයිනිස් 38 ක්ද ස්ටීවන් ස්මිත් නොදැවී 37 ක් ද රැස්කලා.

මහීෂ් තීක්ෂණ ළකුණු 25 කට කඩුලු 02 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

තරගයේ වීරයා සම්මානය දිනාගත් නායක දසුන් ශානක පන්දු 25 කදී නොදැවී ළකුණු 54 යි.

06 පහර 04 ක් සහ 04 පහර 05 ක් ඊට අයත්.

පැතුම් නිස්සංක 27 ක්ද චරිත් අසලංක 26 ක්ද ලබාගත්තා.

ජොෂ් හේසල්වුඩ් සහ මාර්කස් ස්ටොයිනිස් කඩුලු 02 බැගින් බිඳහෙලුවා.

දෙරට අතර පළමු එක්දින තරගය ලබන අගහරුවාදා පල්ලේකැලේ හිදී පැවැත්වීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »