ප්‍රංශ සබ්මැරීන ගිවිසුමට ඩොලර් මිලියන 830 ක වන්දි ගෙවන්න ඇල්බනීස් සූදානම්

සබ්මැරීන ගණුදෙනුවක් හමුවේ, පැවති ස්කොට් මොරිසන් රජය සමයේ ප්‍රංශය සමග පලුදුවූ සබඳතා යළ ඇතිකර ගැනීමට අගමැති ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.

ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 830 ක වන්දි මුදලක් ගෙවීමටයි ෆෙඩරල් රජය තීරණය කර ඇත්තේ.

තමා මේ පිළිබඳව ප්‍රංශ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කල බවත් දෙරට අතර මිත්‍ර සබඳතා නැවතත් ශක්තිමත් වනු ඇති බවත් අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සමග අත්සන් තබන ලද AUKUS ආරක්ෂක ගිවිසුම හරහා අමෙරිකාවේ නිෂ්පාදිත න්‍යෂ්ඨික සබ්මැරීන මිළදී ගැනීමට ඔස්ටේ්‍රලියාව එකග වුණා.

ඒ ඊට පෙර ප්‍රංශයෙන් සබ්මැරීන මිළදී ගැනීමට ඇතිකරගත් එකගතාවයක් අවලංගු කරමිනුයි.

පැවැති රජය දුරදිග නොසිතා ගත් තීරණයක් හේතුවෙන් ඩොලර් බිලියන ගණනක අමතර පිරිවැයක් ඔස්ටේ්‍රලියාවට දැරීමට සිදුවී ඇති බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් පෙන්වා දෙන්නේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »