ඔස්ටේ්‍රලියාවත් වැඩ කරන දින ගණන 04 කට අඩු කරන්න යයි

සතියේ වැඩ කරන දින ගණන 04 ක් දක්වා අඩු කිරීම කෙරෙහි ඔස්ටේ්‍රලියාවේද අවධානය යොමුවී තිබෙනවා.

ඊට අදාළ නියමු ව්‍යාපෘතියක් ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කෙරෙන අතර සමාගම් 20 ක සේවකයන් යොදාගනිමින් මාස 06 ක් පුරා එය ක්‍රියාත්මක වනු ඇති.

දැනටමත් මෙම වැඩපිළිවෙල එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මහා බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වන අතර ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය ඇතුලු රටවල් කිහිපයක අත්හදා බැලීම්ද මෙලෙස ආරම්භ කිරීමට නියමිතයි.

ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නංවාගැනීම මෙම නියමු ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර කිසිදු වැටුප් කපා හැරීමක් සිදුවන්නේ නැහැ.

ඔස්ටේ්‍රලියාව තුළ සිදුකරන නියමු ව්‍යාපෘතියේ අත්හදා බැලීම් සඳහා සහයවීමට විශ්ව විද්‍යාල කිහිපයක්ද ඉදිරිපත් වී සිටිනවා.

මෙහි සාර්ථකත්වය මත ඉදිරියේදී ස්ථිර වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙනු ඇති.

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »