සිඩ්නි සහ මෙල්බන් ගුවන් තොටුපළවල අදත් දිගු පෝලිම්

සිඩ්නි සහ මෙල්බන් ගුවන් තොටුපළවල අද දිනයේත් දිගු පෝලිම් තත්වයක් හටගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ දිනයට වඩා තදබදය පාලනයට පියවර ගෙන ඇති ආකාරයකුයි දක්නට ලැබෙන්නේ.

සිඩ්නි ගුවන් තොටුපළේ Check in වීමට පෙර ආරක්ෂක කටයුතු සිදුකිරීම සඳහා අද වෙනසක් සිදුකර තිබෙනවා.

එමගින් පෝලිම් තත්වය අඩු කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

128,000 කට වැඩි පිරිසක් අද දිනය තුළ සිඩ්නි හා මෙල්බන් යන ගුවන් තොටුපළ භාවිත කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

 

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »