වාහන මිල ගණන්වල පහත බැසීමක්

VEHICLE

පසුගිය සති කිහිපය තුළ වාහන මිල ගණන්වල පහත බැසීමක් දක්නට ඇති බව භාවිතා කරන ලද වාහන අලෙවිකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ලක්ෂ 36කට පමණ අලෙවි කිරීමට දමා තිබූ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථ මිල මේ වන විට ලක්ෂ 31ක් 30ත් අතර ප්‍රමාණයකට පහත බැස ඇති බවයි.

රට තුළ ඉන්ධන නොමැතිවීම ඊට ප්‍රධානතම හේතුවිය හැකි බවට ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මෝටර් රථ වලින් රාජකාරි කටයුතු සහ එදිනෙදා වැඩකටයුතු සිදුකරගත් ජනතාව මේ වන විට පොදු ප්‍රවාහන සේවයට යොමු වෙමින් තිබීම තවත් හේතුවක්.

එමෙන්ම බැංකු මගින් ණය ලබාදීම අඩු කිරීම සහ ලීසිං සදහා ලබාදෙන පොළී ප්‍රමාණය ද මේ වන විට ඉතා ඉහළ අගයක් ගනු ලබනවා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »