ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා 03 වන T20 තරගය අද

ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර 03 වන හෙවත් අවසන් පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.

රාත්‍රී 07 ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි එය ආරම්භ වන්නේ.

2-0 ක් ලෙස ඔස්ටේ්‍රලියාව විසින් මේ වනවිටත් තරගාවලිය ජයගෙන අවසන්.

මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන අධියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 5 ක් එක්වන තරගාවලිය තරග 24 කින් සමන්විතයි.

ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩක ලියාපදිංචිය කඩිනමින් පැවැත්වීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය හා සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සුදානම් බවයි ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සදහන් කළේ.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »