වසර 04 කට පසු බිලෙයෝලා වෙත පැමිණි මුරුගප්පන් පවුලට උණුසුම් පිළිගැනීමක්

වසර 04 කට පසු බිලෙයෝලා නගරය වෙත පැමිණි මුරුගප්පන් පවුලේ සාමාජිකයන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවී තිබෙනවා.

පර්ත් නගරයෙන් පෙරේදා පිටත්වූ ඔවුන් බ්‍රිස්බන් දක්වා පැමිණ විශේෂ ගුවන් යානයකින් අද බිලෙයෝලා නගරයට ළගාවුණා.

එහිදී ප්‍රදේශවාසීන් – මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා පැමිණ සිටිීම විශේෂත්වයක්.

අනවසර සංක්‍රමණිකයන් ලෙස ඔස්ටේ්‍රලියාවට පැමිණි ප්‍රියා සහ නඩේස් විවාහ වී පසුව දරුවන් දෙදෙනකු ලබා තිබුණා.

සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේප වීමත් සමග මොවුන් දැඩි කථාබහකට ලක්වූ අතර ලේබර් රජය බලයට පැමිණීමත් සමග Bridging විසා නිකුත් කිරීමත් සමගයි ඔවුන් පළමුවෙන් වාසය කල බිලෙයොලා නගරයට නැවතත් පැමිණීමට අවස්ථාව උදාවූයේ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »