Search

ලොව හොඳම වෙරළ තීරයන් අතරට ඔස්ට්‍රේලියාවේ ස්ථාන 3ක්

ලොව වඩාත් ආකර්ශනීයම වෙරළ තීර 50 අතරට ඕස්ට්‍රේලියාවේ මුහුදු වෙරළ තුනක් ද නම් කර තිබෙනවා.

ඒ අතරින් පළමු ස්ථාන 10 අතරට ද ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයක් නම්කර තිබීම විශේෂත්වයක්.

හොඳම වෙරළ තීර 50 මෙලෙස නම් කරනු ලබන්නේ බීස්ට් බීච් ෆිෆ්ටි කණ්ඩායම ලොව පුරා සංචාරක වෘත්තිකයන් දහස් ගණනකින් තොරතුරු ලබාගෙන ලොව පුරා වෙරළ තීරයන් ගවේෂණය කරමින් සිදු කරන සමීක්ෂණයකින් අනතුරුවයි.

සංචාරකයන්ට ඔවුන්ගේ නිවාඩුව සැලසුම් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදීමේ අරමුණ සහිතව මෙම ලැයිස්තුව ඔවුන් ඉදිරිපත් කරනු ලබනවා.

ම ලැයිස්තුවට අනුව ලොව හොඳම වෙරළ තීරය ලෙසට නම් කර ඇත්තේ අමරිකාවේ වර්ජින් අයිලන්ඩ්ස් හි ඇති ට්‍රන්ක් බේ වෙරළ තීරයයි.

දෙවන තැනට ඉතාලියේ කාලා මරිඕලු වෙරළ තීරය නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ TURQUOISE BAY වෙරළ තීරය 6 වන ස්ථානනයට පත්ව ඇති අතර 20 වන සහ 33 වන ස්ථානවලට පත්වී ඇත්තේත් ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයන් වීම විශේෂත්වයක්.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »