ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඊයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරිය සිය අප්‍රසාදය පළකරනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ සිනාමුසුව මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ විසින් අදහස් දැක්වීම කිසිසේත් අනුමත කල නොහැකි බවයි.
රටේ අනාගතය ඔහු විසින් විනාශ කර දමා තිබියදී මෙලෙස සැහැල්ලුව සිටින්නේ කෙසේදැයි සනත් ජයසූරිය ප්‍රශ්න කරනවා.
එහි වගකීම භාර නොගත්තේ ඇයි දැයි ප්‍රවීණ ක්‍රීඩකයා විමසා සිටිනවා.
දැන්වත් දේශපාලන ක්‍රීඩාවල යෙදීමෙන් වළකින ලෙසයි සනත් ජයසූරිය බැසිල් රාජපක්ෂට දන්වා සිටින්නේ.