පිළිකාවට ප්‍රතිකාර ලබන චාල්ස් රජු යළි කරළියට

පසුගිය පෙබරවාරි මාසයේදී පිළිකාවක් ඇති බව හඳුනා ගැනීමෙන් පසු චාල්ස් රජු ඊයේ (30) යළි සිය මහජන රාජකාරි ආරම්භ කර තිබෙනවා.

ඒ, කැමිලා රැජින සමඟ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත සංචාරය කරමින්.

එහිදී සිනහවෙන් මුව සරසා ගත් රජුගේ නිරෝගී පෙනුම කාගෙත් වැඩි කතාබහට ලක්ව තිබුණා.

බකිංහැම් මාලිගය සිකුරාදා නිවේදනය කළේ, වෛද්‍ය නිර්දේශ අනුගමනය කරමින් රජු නැවත ඇතැම් මහජන රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව එහි පළමුවැන්න ලෙසයි රජු සහ කැමිලා රැජින ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් රෝහලෙහි පිළිකා මධ්‍යස්ථානය වෙත සංචාරය කර තිබුණේ.

එහිදී රජු, පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම අරමුණු කරගනිමින් රෝගීන් සහ වෛද්‍ය විශේෂඥයින් සමඟ පැයක පමණ කාලයක් සාකච්ඡා කළ බව සඳහන්.

එමෙන්ම පිළිකා කල්තියා හඳුනා ගැනීමට උපකාරී වන පෙරළිකාර තාක්‍ෂණික භාවිතයන් පිළිබඳව ද මෙම ගමනේදී රජු සිය අවධානය යොමුකර තිබීම විශේෂත්වයක්.

මේ අතර චාල්ස් රජු ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘Trooping the Colour’ හමුදා පෙළපාලිය සඳහා මෙන්ම දෙවන ලෝක සංග්‍රාමයේ 80 වැනි සංවත්සරය සැමරීම වැනි වාර්ෂික කටයුතු කිහිපයකට සහභාගී වන බව සඳහන්.

පිළිකාවට ප්‍රතිකාර ලබන රාජකීය පවුලේ එකම සාමාජිකයා චාල්ස් රජු නොවන අතර ඔහුගේ ලේලිය වන කේට් මිඩ්ල්ටන් ද ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සති ගණනාවක් පුරා පැවති කතාබහකින් පසු පිළිකා රෝගයක් ඇති බවට හෙළි කර ගනු ලැබුවා.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »