යාචකයන් නිසා ජාත්‍යන්තර සමුලුවක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

2025 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ අන්තර්ජාතික වාර්ෂික සමුළුව එහි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොළඹ මාර්ග සංඥා අසළ යාචකයන්ගේ සිඟාකෑම් උවදුරක් ලෙස පැතිර තිබීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි මේ බව අනාවරණ කර තිබෙනවා.

2015 වසරේදී ද කොළඹ පැවති අන්තර්ජාතික මෝටර් රථ සමුළුවට සම්බන්ධ ආසියා ශාන්තිකර කලාපීය රැස්වීමකට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දුන් බවයි ඔහු කියා සිටියේ.

ඊට නියෝජිතයන් 150 දෙනෙකු පමණ සහභාගී වූ බව සඳහන්.

අදාළ සමුළුව 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා වන ලංසුවක් රුවන්ඩාවේ පැවැති මහා සභා රැස්වීමේ දී ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් කොළඹ නගර සීමාවේ මාර්ග සංඥා අසල සිටින යාචක උවදුර හේතුවෙන් මෝටර් රථ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි බවයි ඔවුන් දැනුම් දී ඇත්තේ.

නගර සීමාව තුළ සිටින යාචකයන්ගේ සිඟාකෑම මෙරට කීර්ති නාමයට කැළලක් බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ හේතුවෙන් 2025 දී ශ්‍රී ලංකාව මෝටර් රථ කර්මාන්තයේ රැස්වීමක් පැවැත්වීමට අදහස් කරන්නේ නම්, කොළඹ මෙම තත්ත්වය විසඳීමට පියවර ගතයුතු බව ඔවුන් දැනුම් දුන් බවයි දේවප්‍රිය හෙට්ටිආරච්චි කියා සිටියේ

එමෙන් ම රුවන්ඩාවේ පැවැති කලාපීය රැස්වීමට සහභාගී වූ නියෝජිතයන් කොළඹ නගර සීමාවේ මාර්ග සංඥා අසළ සිටින යාචකයන් දැක තිබෙනවා.

එය ඔවුන්ට කොළඹ විවිධ ස්ථානවලට ගමන්කිරීමේදී අප්‍රසන්න අත්දැකීමක් වූ බව සහ එමගින් සැළකිව යුතු වාහන තදබදයක් ඇති කළ බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »