නවසීලන්ත – ඔස්ටේ්‍රලියා සබඳතා නව මානයකට ගෙන යන බව ඇල්බනීස් කියයි

නවසීලන්තය සමග වන සබඳතා නව මානයකට ගෙනයාමට කටයුතු කරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

නව රැකියා – ආර්ථික සම්බන්ධතා ඇතුලු කරුණු කෙරෙහි එහිදී අවධානය යොමුකරන බවයි නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් සමග අද පෙරවරුවේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා සඳහන් කලේ.

දේශගුණ විපර්යාස ඇතුලු කලාපයට බලපාන තවත් ගැටලු රැසක් පිළිබඳවද සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

අපරාධවලට සම්බන්ධ නවසීලන්ත ජාතිකයන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර තවදුරටත් සාකච්ඡා කිරීමටද රාජ්‍ය නායකයන් දෙපළ එකග වී තිබෙනවා.

ඇන්තනී ඇල්බනීස් – ජසින්ඩා ආර්ඩර්න් සාකච්ඡා කර ඇති තවත් ප්‍රධාන මාතෘකාවක් වූයේ පැසිෆික් සාගරයේ චීන ක්‍රියාකාරකම් ඉහළ යාමයි.

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකිකයෙකුට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට දඬුවම්

අපරාධකරුවෙකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට පහර දුන් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන්න ඩොලර් මිලියන 925ක්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩත්වය අත්හැරීමේ වැඩසටහන ස්ථාපිත කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 925ක් යෙදවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

Read More »

කාන්තා හිංසන ගැන කතා කරන විශේෂ කැබිනට් රැස්වීම අද

ඔස්ට්‍රේලියාවේ දැඩි කතා බහකට ලක්වී ඇති කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.

Read More »