Search

මෙල්බන් ගුවන් තොටුපළේද දිගු පෝලිම් – මගීන්ට විශේෂ දැනුම්දීමක්

මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේද දිගු පෝලිම් තත්වයක් හටගෙන තිබෙනවා.

කොවිඩ් වසංගත තත්වයෙන් පසු කාර්ය බහුලම දිනය අද වනු ඇති බවටයි මෙල්බන් ගුවන් තොටුපළ බළධාරින් අනාවැකි පළකරන්නේ.

අද දිනය තුළදී 97,000 කට ආසන්න පිරිසක් මෙල්බන් ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

දීර්ඝ සති අන්තයත් සමග විශාල පිරිසක් සංචාර සඳහා යාම මීට හේතුවයි.

මෙල්බන් ගුවන් තොටුපළ බළධාරීන් ගුවන් මගීන්ට දන්වා සිටින්නේ අභ්‍යන්තර ගුවන් ගමනකට නම් පැය 01 ත් 02 ත් අතර කාලයකට පෙර සහ විදේශීය ගුවන් ගමනකට නම් පැය 02 ත් 03 ත් අතර කාලයකට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙසයි.

https://twitter.com/Melair/status/1535060762271842305?s=20&t=QIa_YA-usIPs8FPuyd3POw

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »